මෝර පිරිත mora piritha
උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසන්ති
මේ හිරු උදාවන විට – ඇස් ඇති එක ම රජු ලෙස
පතුරුවා රන්වන් රැස – මහපොළොව බබුළුවන්නේ
මහපොළොව බබුළුවන – හිරු මඬල නුඹ වදින්නෙමි මම
නුඹ විසින් සුරකින අපි – මෙ දවස වසමු සුවසේ
බෝසත් මොණරා මේ ගාථාව කියලා සූර්යාට නමස්කාර කරනවා. ඊට
පස්සේ අතීතයේ වැඩ හිඳ පිරිනිවී ගිය බුදුරජාණන් වහන්සේලාට බුදුගුණයන්ට නමස්කාර
කරනවා.
යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
හැම දහම් පරතෙර වැඩි – උතුම් සම්බුදු මුනිවරුන් වෙද
ඒ උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා
ඒ උතුම් සම්බුදුවරු – මගේ දිවි සුරකිත්වා
සම්බුදුවරුන් හට – මාගේ වැඳුම වේවා
සතර මග ඵල නුවණට – මාගේ වැඳුම වේවා
උතුම් රහතුන් හට – මාගේ වැඳුම වේවා
ඒ රහත් ඵලයට – මාගේ වැඳුම වේවා
2. අපේතයං චක්ඛුමා
ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං
පතුරුවා රන්වන් රැස – බබුළුවා මේ පොළොව ද
ඇස් ඇති එක ම රජු ලෙස – හිරුමඬල බැස යන විට
මහපොළොව බබුළුවන – හිරු මඬල නුඹ වඳින්නෙමි මම
නුඹ විසින් සුරකින අපි – මේ රැය ද වසමු සුවසේ
යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
හැම දහම් පරතෙර වැඩි – උතුම් සම්බුදු මුනිවරුන් වෙද
ඒ උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා
ඒ උතුම් සම්බුදුවරු – මගේ දිවි සුරකිත්වා
සම්බුදුවරුන් හට – මාගේ වැඳුම වේවා
සතර මග ඵල නුවණට – මාගේ වැඳුම වේවා
උතුම් රහතුන් හට – මාගේ වැඳුම වේවා
ඒ රහත් ඵලයට – මාගේ වැඳුම වේවා
මෝර පිරිත mora piritha

No comments:
Post a Comment