Thursday, March 12, 2020

උතුම් තිසරණයෙන් අනන්ත ආනුභාවයෙන් ලක්දිවත් සියළු ජනයාත් ආරක්ෂා වීම පිණිස...

නමෝ බුද්ධාය !!!

උතුම් තිසරණයෙන් අනන්ත ආනුභාවයෙන් ලක්දිවත් සියළු ජනයාත් ආරක්ෂා වීම පිණිස...


අපගේ භාග්‍යවතුන් වහන්සේ එදා විශාලා මහනුවර තුන්බිය දුරු කිරීම පිණිස උතුම් රතන සූත්‍රය ශ්‍රී මුවමඬලින් දේශණා කොට, පිරිත් පැන් ඉස ඒ රෝග බිය,අමනුෂ්‍ය බිය,දුර්භික්ෂ බිය දුරු කොට වදාළ බව ඒකාන්ත සත්‍යයයි.!!!
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ශ්‍රී මුණි ධාතූන් වහන්සේලා තුන් ලොවටම එකම අසදෘශ්‍ය උත්තම සෑ රජුන් වන ස්වර්ණමාලී මහා සෑ ඝර්භයේ අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් සෘධියෙන් මැවුනු ශ්‍රී සම්බුදු සිරුර දරා වැඩසිටින බව ඒකාන්ත සත්‍යයයි.!!!
අප ගෞතම මුනිඳුන් එදා නේරංජනා නදිය අසබඩ වජිරාසනය මත වැඩ හිද දස මාර සේනා පරාජයට පත් කරමින් මහපොළොව කම්පා කරවමින් සම්බුදු බවට පත් වූ මොහොතේ අප මුනිඳුන්ට සෙවණ සැළසූ උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්, ඒ සම්බුදු අසිරිය දැකගත් බෝ සමිඳුන්, සම්බුදු නේත්‍රා කැල්මෙන් සතියක් පිදුම් ලද ඒ උත්තම බෝ සමිඳුන්ගේ දකුණු ශාකා වහන්සේ අදටත් විරාජමානව උඩමළුවේ වැඩ සිටින බව ඒකාන්ත සත්‍යයයි.!!!
එදා අප භාග්‍යවතුන් වහන්සේ ලක්දිවට වැඩම කළ මොහොතේ සුමන සමන් දෙව් නිරිඳුන්ගේ ආරාධනයෙන් සමනොල ගිරි හිස ඉන්ද්‍රනීල මානික්‍ය රත්නය මත දෙතිස් මහා පුරිස ලකුණින් බබළන, දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයෙන් ශෝභමාන ,රක්ත වර්ණ පැහැයෙන් බබළන උත්තම වාම ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළ බව එ්කාන්ත සත්‍යයයි.!
පන්සාලිස් වසක් පුරාවට අප ගෞතම මුනිඳුන් උතුම් ශ්‍රී සද්ධර්මය දේශණා කරද්දී ඒ පරම පිවිතුරු පරම පාරිශුද්ධ වූ මුල,මැද,අග පරම පිවිතුරු වූ ශ්‍රී සද්ධර්මය ස්පර්ශ වූවා වූ උතුම් වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ⁣ඵෙතිහාසික සෙංකඩගල පුර ශ්‍රී දළදා මාළිගාවේ විරාජමානව වැඩ සිටින බව ඒකාන්ත සත්‍යයි.!!!
සසර පුරාවටම සත්‍ය වචන කතා කිරීමේ මහා පුන්‍යානුභාවට පිහිටියා වූ අප මුනිඳුනගේ උත්තම ඌර්ණ රෝම ධාතූන් වහන්සේ අෂ්ඨ වංක මානික්‍ය රත්නය මත මිහින්තලේ මහා සෑයේ විරාජමානව වැඩ සිටින බව ඒකාන්ත සත්‍යයයි.!!!
අප මුනිඳුනගේ දකුණු අකු ධාතූන් වහන්සේ උතුම් ථූපාරාම සෑ රජුන්ගේ උතුම් ධාතූ ගර්භයේ ද, දකුණු ශ්‍රී දළදා වහන්සේ සෝමාවතී මහ සෑයේ ද, උතුම් ග්‍රීවා ධාතූන් වහන්සේ, කේශ ධාතූන් වහන්සේ ද ඵෙතිහාසික මහියංගණ මහ සෑ රජුන්ගේ ද වැඩ සිටින බව ඒකාන්ත සත්‍යයි.!!!
අප මුනිඳුනගේ උතුම් ලලාට ධාතූන් වහන්සේ උත්තම සේරුවාවිල මහ සෑ රජුන්ගේ ධාතු ගර්භයේ ද, අප මුනිඳුනගේ මඟුල් කඩුව කතරගම කිරිවෙහෙර සෑ රජුන්ගේ ද වැඩ සිටින බව ඒකාන්ත සත්‍යයයි.!!!
තවත් අනේක ශ්‍රී ධාතූන් වහන්සේලා අප ලක්දිව සිසාරා වැඩ සිටින බව ද, උතුම් අෂ්ඨ ඵල, දෙතිස් ඵල බෝධීන් වහන්සේලා ද අප ලක්දිව තුල අදටත් මහා ආනුභාවය පතුරවමින් රැස් විහිදුවමින් සියළු ජනයාහට පිහිට ලබාදෙමින් වැඩ සිටින බව ඒකාන්ත සත්‍යයයි.!!!
අප ගෞතම මුනිඳුන්ගේ ශ්‍රාවක වූ සම්බුදු ළයමඬලින් උපන් ඔෟරස පුත්‍ර වූ ඒ මහා තෙද ඇති මහා බල ඇති මහා අනුකම්පා ඇති නම ඇසූ පමණින් යක්ෂයන්ට පවා දහඩිය දමනා අනන්ත ගුණ කඳක් දරා වැඩ සිට පිරිනිවී ගිය එනමුදු කල්පයක් පුරාවට මහා බල පවත්නා ලෙස අප මුනිඳුන් අධිෂ්ඨාන කල, ඒ උතුම් සත්‍යක්‍රියාව දේශණා කල අංගුලිමාල නම් වූ අප මුනිඳුනගේ ශ්‍රී ධාතූන් වහන්සේලා වැඩ සිටින බව සත්‍යයයි.! අදටත් ඒ පිහිට එලෙසින්ම ලැබෙන බව සත්‍යයයි.! ඒ උතුම් ශ්‍රී නාමය උදෙසා මහා සෑ රජාණන් වහන්සේ නමක් ඉදිවන බව ඒකාන්ත සත්‍යයයි.!!!
එසේම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ තුන් ලොවට එකම එක ධාතූන් වහන්සේ වන ගෞතම බුදු සසුනේ තෘතීය මහා ශ්‍රාවක උත්තමයන් වහන්සේ වූ මහා කස්සප මුනිඳුන් ගේ, ආනන්ද මහරහතන් වහන්සේගේ, අපගේ ද්වීපශාස්තෘ වූ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ මෙන්ම තවත් අරහත් නිකෙලෙස් මහා උත්තමයින්ගේ ශ්‍රී ධාතූන් වහන්සේලා අප ලක්දිව වැඩ සිටින බව ඒකාන්ත සත්‍යයයි.!!!
ඒ සත්‍යානුභාවයෙන් මේ රට තුල පැතිර ඇති මේ භයානක මාරාන්තික ⁣වෛරසයෙන් අප මේ ධර්මද්වීපයට සෙත් වේවා.! සෙත් වේවා.! සෙත් වේවා.! සියළු ආරක්ෂාව සැලසේවා.! සියළුම ලක්වැසි ජනයා ආරක්ෂා වේවා.! මේ අපගේ අහිංසක මිනිසුන් ආරක්ෂා කරත්වා.! සියළු දෙවියන්ගේ දේව ආශිර්වාදය ආරක්ෂාව අප මව් බිමට ලැබේවා.! අනේ මේ පුංචි ධාතු කරඬුවක් වන් මගේ මව්බිම ඒ සියළු සත්‍යක්‍රියාවේ ආනුභාවයෙන් සුරැකේවා. සියළු ආරක්ෂාව සැලසේවා.! මේ අනන්ත වූ තිසරණයේ ගුණානුභාවයෙන් සියළු යහපත සියළු ආරක්ෂාව අප මව්බිමට ලැබී මේ භයානක වෛරසය දුරින්ම දුරුවී යත්වා.!!! ඒ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා.!!!

Wednesday, March 11, 2020

කොරෝනා වලින් මිදෙන්න, කුමක් කලයුතුද??..

අපි කුමක් කලයුතුද??..

වෛද්‍ය : උදාර වික්‍රමරත්න  
අනවශ්‍ය ලෙස බිය නොවී, අනවශ්‍ය අයුරින් කලබලකාරීව නොහැසිරෙමින්, තමන්ගේ මෙන්ම අන් අයගේ ආරක්ශාව, පහසුව තකා වගකීමෙන් කටයුතු කරමු..
පිරිස ගැවසෙන තැන්හි කටයුතු හැකිතාක් අවම කරගමු.. එවන් ස්ථාන ( නගරය, රෝහල, බස්රථය,දුම්රිය) වල කටයුතු කිරීමෙන් පසුව හොඳින් සබන් යොදා හෝ මධ්‍යසාර සහිත අත් පිරිසිදුකාරක යොදා හෝ අත් පිරිසිදු කරගනිමු..
කැස්ස හෝ කිවිසීමේදී ආවරණය කිරීම පිණිස අත යොදානොගෙන මුහුණ පැත්තට හරවා උරහිස ප්‍රදේශය හෝ වැලමිට ප්‍රදේශය භාවිත කරමු.. ලේන්සුවක් භාවිත කරයිනම් අතේ ශ්‍රාවයන් නොතැවරෙන පරිදි කටයුතු කරමු..
මුහුණ, ඇස්, මුඛය, නාසය හැකිතාක් ස්පර්ෂ නොකර සිටීමට වග බලා ගමු.. එසේ ස්පර්ශකල සෑම විටකම දෑත් පිරිසිදු කරගමු..
ඔබට ශ්වසන ආසාදනයක් හෝ රෝගයක් වැලඳී ඇතිනම් පමණක්, මුව ආවරණ( mask) භාවිතා කරමු..
සැකසහිත නිරාවරණය වීමක් සිදුවුණිනම් පමණක්ම රජයේ රෝහලකට නොපමාව පැමිණ නිරාවරණයවීම නිසිපරිදි නොසඟවා හෙළිකොට අවශ්‍ය පරීක්ෂාවන් සිදුකර ගනිමු.. සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ කැස්ස හෝ පැවති පමණින් එය කොරොනා රෝගය යැයි අනවශ්‍ය බියවීම් ඇතිකර නොගනිමු...
සමබල ආහාර වේලක් ලබාගනිමු.. පළතුරු ආහාරයට එකතු කරගමු.. ජලය අවශ්‍ය තරම් පානය කරමු.. මත්පැන්, මත්ද්‍රව්‍ය,අත්‍යාවශ්‍ය නොවන බෙහෙත් ආදිය භාවිතය නොකර ප්‍රතිශක්තිය පවත්වාගනිමු.. දීර්ඝ කාලීන රෝග තත්ත්වයන්ට (දියවැඩියාව,අධික රුධිර පීඩනය,හෘද රෝග) ගොදුරුවූ අය නම් අදාල ඖෂධ වර්ග නිසිපරිදි නොවරදවා භාවිතා කරමු..
අධික මානසික, කායික වෙහෙසකර කටයුතු, ගමන් බිමන් වලින් පසුව යෝග්‍ය පරිදි විවේකයෙන් ගත කරමු..
භාවනාව, ධර්මය ජීවිතයට ලංකරගෙන කටයුතු කරමු.. හැකි සෑමවිටම පින් දහම් කටයුතුවල යෙදෙමු... සෑමදෙනාටම මෛත්‍රිය පතුරුවමින් කටයුතු කරමු.. නොදන්නාට දන්නාදෙය පැහැදිළිව කියාදෙමු, දැනුවත් කරමු..
මේ ලොව පැතිරීගිය එකම හෝ ප්‍රථම වසංගතය නොවේ.. සිහියෙන් , සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස්වලට 100% අවනත වෙමින් කටයුතු කරමු..
අපි රැකෙමු, අපි රැකගමු.....
වෛද්‍ය : උදාර වික්‍රමරත්න  

මෝර පිරිත mora piritha


මෝර පිරිත mora piritha 



උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසන්ති

මේ හිරු උදාවන විට – ඇස් ඇති එක ම රජු ලෙස
පතුරුවා රන්වන් රැස – මහපොළොව බබුළුවන්නේ
මහපොළොව බබුළුවන – හිරු මඬල නුඹ වදින්නෙමි මම
නුඹ විසින් සුරකින අපි – මෙ දවස වසමු සුවසේ

බෝසත් මොණරා මේ ගාථාව කියලා සූර්යාට නමස්කාර කරනවා. ඊට පස්සේ අතීතයේ වැඩ හිඳ පිරිනිවී ගිය බුදුරජාණන් වහන්සේලාට බුදුගුණයන්ට නමස්කාර කරනවා.

යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

හැම දහම් පරතෙර වැඩි – උතුම් සම්බුදු මුනිවරුන් වෙද
ඒ උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා
ඒ උතුම් සම්බුදුවරු – මගේ දිවි සුරකිත්වා
සම්බුදුවරුන් හට – මාගේ වැඳුම වේවා

සතර මග ඵල නුවණට – මාගේ වැඳුම වේවා
උතුම් රහතුන් හට – මාගේ වැඳුම වේවා
ඒ රහත් ඵලයට – මාගේ වැඳුම වේවා

2. අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං

පතුරුවා රන්වන් රැස – බබුළුවා මේ පොළොව ද
ඇස් ඇති එක ම රජු ලෙස – හිරුමඬල බැස යන විට
මහපොළොව බබුළුවන – හිරු මඬල නුඹ වඳින්නෙමි මම
නුඹ විසින් සුරකින අපි – මේ රැය ද වසමු සුවසේ

යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

හැම දහම් පරතෙර වැඩි – උතුම් සම්බුදු මුනිවරුන් වෙද
ඒ උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා
ඒ උතුම් සම්බුදුවරු – මගේ දිවි සුරකිත්වා
සම්බුදුවරුන් හට – මාගේ වැඳුම වේවා

සතර මග ඵල නුවණට – මාගේ වැඳුම වේවා
උතුම් රහතුන් හට – මාගේ වැඳුම වේවා
ඒ රහත් ඵලයට – මාගේ වැඳුම වේවා
මෝර පිරිත mora piritha 

🌷සියලු විෂ නසන දිව්‍ය ඖෂධ මන්ත්‍රය නම් වූ" ඛන්ධ පිරිත..." 🌷




🌷සියලු විෂ නසන දිව්‍ය ඖෂධ මන්ත්‍රය නම් වූ" ඛන්ධ පිරිත..." 🌷

සියලු පිරිත් මෙතනින් අහන්න...
https://www.youtube.com/playlist?list=PLgRO14O5AQH1NUUKl78H8IGL3gpmdFmG9

නිවන අවබෝධ කිරීම අතිශයින් දුෂ්කර දෙයක්. නිවන් අවබෝධ කරනවා කියන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම යි. ඒ සඳහා සත්පුරුෂ ගුණධර්ම ඕනෑ. සත්පුරුෂ ගුණධර්මවලින් මෝරා යෑම නෙළුමක් මෝරනවා වගෙයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ නමැති හිරුමඬල පහල වෙලා ශ්‍රී සද්ධර්මය නැමැති රශ්මිය විහිදුවද්දී සත්පුරුෂ ගුණයෙන් මෝරාපු කෙනා පිපෙන්න බලන් හිටපු නෙළුමක් වගේ විකසිත වෙන්ට පටන් ගන්නවා. ධර්මය අවබෝධ වෙන්ට පටන් ගන්නවා. ඒත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මනාව ඇසෙද්දිත්, උවමනාව තියෙද්දිත් අපට ධර්මාවබෝධයට යන්න කොයිතරම් අමාරු ද..?

 සිල් ගුණදම් වඩාගෙන ගමන පටන් ගන්ට සූදානම් වෙද්දි ම එක්කෝ අසනීපයක් පාත් වෙනවා. එක්කෝ හෙනහුරෙක් වගේ අමනුෂ්‍යයෙක් කඩා පනිනවා. මොකක් හරි දේකින් ආයෙත් සංසාරේ යන දේක ම පැටලෙනවා. ඉතින් සරණ බලවත් වුණේ නැත්නම් භාරයක් හාරයක් වෙලා හරි, පඬුරක් ගැට ගහලා හරි, පොල් ගෙඩියක් ගහලා හරි යන දේවාලයක ගිහින් මොන භූතයාගෙන් හරි විසඳුමක් හොයනවා. ඇතැම් අය ඉස්පිරිතාලෙ ම මනුස්ස ආයුෂ ගෙවා දානවා. තෙල් බෙහෙත්වලින් නාගෙන ඉන්නවා. හිතටත් තොරතෝංචියක් නැතිව විස්සෝප එනවා. ඉතින් මේ සියල්ල මැද්දේ තිසරණය රැකගෙන මේ ගමන යනවා කියන එක නම් හිතන තරම් ලේසි නැහැ.

තිසරණ සරණ ගිය ශ්‍රාවකයාට බාහිර ව පැමිණෙන අනේකප්‍රකාර උවදුරුවලදී ඒවාට එක එක විදියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක කරන්න ඕන තිසරණය රැකගෙන. එනිසා තමයි පහන් සිත් ඇති ශ්‍රාවකයෙකුට කර්ම විපාකයෙන් එන උවදුරු හැර අනෙකුත් ආපදාවලින් රැකවරණය ලබා ගන්න මේ පිරිත් ආරක්ෂාවල් ගැන කියා දෙන්නේ. මේ විස්තර ඔබට ඉගෙන ගන්න ලැබීම පුදුම ලාභයක්. අතීතයේ තිසරණ සරණ ගිය ශ්‍රාවකයෝ තමාගේ ආරක්ෂාවට නිතර භාවිත කළ රතන සූත්‍රය, අංගුලිමාල පිරිත, මෝර පිරිත ආදී සක්වළ කෝටියක ආනුභාවය පැතිරෙන ආරක්ෂාවන් ගැන ඔබ ඉගෙන ගත්තා. ඔබේ හිත ඒ ගැන පැහැදිලා නම් මේ වන විටත් ඒ සූත්‍ර පිරිත් කටපාඩම් කරගෙන ඇති. අද ඉගෙන ගන්න පිරිත බොහෝ දෙනෙකුට පාඩම්. ඒ ගැන වැඩි විස්තර ටිකක් මේ ලිපියේ තියෙනවා. ඒ ඛන්ධ පිරිත ගැනයි. පැරණි පිරිත් පොත්වල ඛන්ධ පිරිත හඳුන්වන මාතෘකා ගාථාවල තියෙන්නේ විෂ නසන දිව්‍ය ඖෂධය කියලයි.

මේ පිරිත දේශනා කරන්න පසුබිම් වුණේ සැවැත්නුවර ජේතවනාරාමයේදී ඇතිවූ සිද්ධියක් නිසා. එදා එක්තරා භික්ෂුවක් ගිනිහල් ගෙට දර පලමින් සිටියා. එතකොට ඒ දර කොටයේ සැඟවී හිටපු විෂඝෝර සර්පයෙක් උන්වහන්සේට දෂ්ට කළා. ඒ හේතුවෙන් උන්වහන්සේ අපවත් වුනා. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැලවෙද්දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒ භික්ෂුව සතර සර්පරාජ කුලවලට මෙත් සිත් වැඩුවා නම් ඔය කරදරය නොවන බවයි. සර්පයා දෂ්ට කිරීමෙන් අපවත් නොවන බවයි. ඒ අවස්ථාවේ පෙර අතීතයේ සිදු වූ විස්තරයක් මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ ජාතකයේ නම ඛන්ධවත්ත ජාතකය. එහි සඳහන් ගාථා තමයි අපි ඛන්ධ පිරිත විදිහට භාවිත කරන්නේ.

ගොඩාක් ඉස්සර කාලෙක බ්‍රහ්මදත්ත නම් රජෙක් බරණැස් නුවර රාජ්‍යය කළා. ඔය කාලේ මහාබෝධිසත්වයෝ කසී රටේ බ්‍රාහ්මණ පවුලක ඉපදිලා වයසින් මුහුකුරා ගියාට පස්සේ කාමයන් අත්හැර ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. ධ්‍යාන සමාපත්ති අභිඥා ආදිය උපදවා ගත්තා. හිමාලයට ගොහින් ගංගා නම් ගඟ අසබඩ කුටියක් කරගෙන වාසය කළා. බෝසත් තාපසයාගෙන් උපකාර ලබාගැනීම පිණිස එහි පැමිණ කුටි සෙනසුන් සාදාගෙන සෑහෙන තාපස පිරිසක් වාසය කළා. ඔය කාලේ ගංගා ඉවුරේ නා නා ප්‍රකාර සර්පයෝ සිටියා. ඔවුන්ගෙන් තපස්වීන් වහන්සේලාට සෑහෙන්ට කරදර වුණා. බොහෝ සෙයින් ම ඍෂිවරු මිය ගියේ සර්පයන් දෂ්ට කිරීමෙනුයි.

තාපසවරු මේ කාරණාව බෝධිසත්වයන්ට සැල කළා. බෝධිසත්වයෝ ඒ පළාතේ සිටිය සියලු ම තාපසවරුන්ව රැස් කෙරෙව්වා. “ඉදින් ඔබ සර්පරාජ කුල සතරට මෙත් සිත පතුරා තිබුණා නම් ඔය සර්පයන්ගේ දෂ්ට කිරීමට ලක්වෙන්නේ නෑ. ඒ නිසා මෙතැන් පටන් මෙන්න මේ ආකාරයෙන් සර්පරාජ කුලයන් සතරට මෙත්සිත වඩන්ට ඕනෑ” කියලා මේ ගාථාවන් පැවසුවා.

(1) විරූපක්ඛේහි මේ මෙත්තං – මෙත්තං ඒරාපථේහි මේ
ඡබ්‍යාපුත්තේහි මේ මෙත්තං – මෙත්තං කණ්හාගෝතමකේහි ච
විරූපාක්ෂ සර්ප රාජ කුලය වෙත මාගේ මෙත් සිත වේවා
ඒරාපථ සර්පරාජ කුලය වෙත මාගේ මෙත් සිත වේවා
ඡබ්‍යාපුත්ත සර්පරාජ කුලය වෙත මාගේ මෙත් සිත වේවා
කණ්හාගෝතමක සර්පරාජ කුලය වෙත
මාගේ මෙත් සිත වේවා.

(2) අපාදකේහි මේ මෙත්තං – මෙත්තං දිපාදකේහි මේ
චතුප්පදේහි මේ මෙත්තං – මෙත්තං බහුප්පදේහි මේ
පා කිසිවක් නැති සියලු සතුන් වෙත
මාගේ මෙත් සිත වේවා
දෙපයින් යුතු වූ සියලු සතුන් වෙත
මාගේ මෙත් සිත වේවා
පා සතරක් ඇති සියලු සතුන් වෙත
මාගේ මෙත් සිත වේවා
බොහෝ පාද ඇති සියලු සතුන් වෙත
මාගේ මෙත්සිත වේවා.

(3) මා මං අපාදකෝ හිංසි – මා මං හිංසි දිපාදකෝ
මං මං චතුප්පදෝ හිංසි – මා මං හිංසි බහුප්පදෝ
පාද රහිත වූ කිසිම සතෙක් මා හට හිංසා නොකෙරේවා
දෙපයින් යුතු වූ කිසිම සතෙක් මා හට හිංසා නොකෙරේවා
පා සතරක් ඇති කිසිම සතෙක් මා හට හිංසා නොකෙරේවා
බොහෝ පාද ඇති කිසිම සතෙක් මා හට හිංසා නොකෙරේවා.

(4) සබ්බේ සත්තා සබ්බේ පාණා – සබ්බේ භූතා ච කේවලා
සබ්බේ භද්‍රානි පස්සන්තු – මා කඤ්චි පාපමාගමා
ලොවේ සියලු ම සත්වයෝ, ලොවේ පණ ඇති සියල්ලෝ
ලොවේ ඉපදී සිටින්නා වූ යම්තාක් වූ සත්වයෝ
සියල්ලෝ යහපත දකිත්වා!
කිසිම දුකකට පත් නොවෙත්වා!

අප්පමාණෝ බුද්ධෝ, අප්පමාණෝ ධම්මෝ, අප්පමාණෝ සංඝෝ
අපමණ ගුණ ඇති සේක් ම ය බුදුරජාණෝ
නවලොව්තුරා සදහම් අපමණ ගුණයෙන් යුතු ම ය
උතුම් බුදු සව්වෝ අපමණ ගුණෙන් යුතු වූවෝ
පමාණවන්තානි සිරිංසපානි අහිවිච්ඡිකා
සතපදි උණ්ණානාභි සරබූ මූසිකා
සියලු ම සර්පයෝ ද ගෝණුසුවෝ ද
පත්තෑයෝ ද මකුළුවෝ ද සිකනැල්ලෝ ද මීයෝ ද
කෙලෙසුන්ගෙන් සීමා වී ඇති හෙයින් ප්‍රමාණ සහිතයෝ ය.
කතා මේ රක්ඛා, කතා මේ පරිත්තා
පටික්කමන්තු භූතානි. සෝහං නමෝ භගවතෝ
නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානං’ති.

මා විසින් ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ වූ ගුණය සිහි කිරීමෙන් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලද්දේ ය. මා හට රැකවරණ සලසා ගන්නා ලද්දේ ය. මා කෙරෙහි අහිතවත් වූ භූතයෝ බැහැරට යත්වා! ඒ මම් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන සත්බුදුවරයන් වහන්සේලාට නමස්කාර කරමි.

මෙසේ නමස්කාර කරමින් අතීතයේ වැඩ සිටි සත්බුදුවරයන් වහන්සේලාගේ ගුණ සිහි කරව්” කියා මහාබෝධිසත්වයෝ එදා රැස්වූ තාපස පිරිසට අවවාද කොට මේ ඛන්ධ පිරිත කියා දුන්නා. බෝධිසත්වයන්ගේ අවවාදය පිළිගත් තාපසවරු මේ විදිහට මෙත් පතුරා බුදුගුණ සිහිකරන්ට පටන් ගත්තා. බුදුගුණ සිහි කරද්දී සිහි කරද්දී සර්පාදීන් ඒ ප්‍රදේශය අත්හැර වෙනත් ප්‍රදේශ බලා ගියා.

මේ විස්තර ’නුවණ වැඩෙන බෝසත් කතා 21’ පොතෙන් සවිස්තරව ඔබට කියවන්න පුළුවන්.

මේ උතුම් ඛන්ධ පිරිත අපූරු ආරක්ෂාවක්. සිංහලෙන් අර්ථ විමසන්න. සිත පහන් වෙනවා. සිත මෛත්‍රී සහගත වෙනවා. මෛත්‍රියේ ආනිශංස ලැබෙනවා. සුව සේ නිදාගෙන සුවසේ අවදි වෙන්න පුළුවන්. සතුටින් ඉන්න පුළුවන්. විශේෂයෙන් අර්ථ විමසා ඛන්ධ පිරිත නිතර සිහිකරන කෙනාට වස විස ගිනි උවදුරු එන්නේ නැහැ. ආරක්ෂාව සැලසෙනවා.

ඛන්ධ පිරිතේ මූලික ව ම ආරක්ෂාව සර්පයන්ගෙන් උවදුරු නොවීම යි. සර්පයෝ දෂ්ට නොකරයි. සර්ප විෂ ශරීරගත වූවත් නොමැරෙයි. විෂ නො නගියි. සර්ප විෂ වැදුන විට ඛන්ධ පිරිතෙන් විෂ බැස්සවිය හැකියි. තමා ම සිහි කොට බලවත් විශ්වාසයෙන් විෂ භංග වීම සිදු වෙයි. දෙහි අත්තේ පිරිත් කර විෂ බැස්සවීම, නටන උණුවතුර වීදුරු බෝතලයකට දමා ඒ වතුර ඉවත් කොට බෝතලය රස්නේ පිට සර්පයා කෑ මුඛයේ තබා ඉවත් කොට ඛන්ධ පිරිත කියමින් බෝතලයට විෂ ඇද්දවීම ආදිය අපිත් දැකලා තිබෙනවා. ලෙඩා බේරා ගැනීමට නො හැකි ම තැන ඛන්ධ පිරිත එක ම දිව්‍ය ඖෂධය බව අප විමසූ විට විෂ වෛද්‍යවරු පවා අප හට ම කී අවස්ථා මතක යි. විෂ වෛද්‍යවරු විෂ නසන බෙහෙත් වර්ග, තෙල් වර්ග ඛන්ධ පිරිතෙන් පිරිත් කර ගන්නවා. ඛන්ධ පිරිතෙන් බොහෝ වාර පිරිත් කොට තැඹිලි ආදිය බීම ශරීරගත විෂ නැති වීමට උපකාරයි. ලේ විෂ වීම, බඬේ විෂ ඇති වීම ආදියේදී ඛන්ධ පිරිතෙන් පිරිත් කොට දින කීපයක් තැඹිලි බීම හොඳයි. විෂට පුදුම ආරක්ෂා පිරිතක්.

කැලයේ ලන්දේ යන විට අතීතයේ ගැමියා පවා ඛන්ධ පිරිත කිය කියා යෑම පෙර සිරිතයි. සියලු සතුන්ගෙන් හේන රැක ගන්නේ ඛන්ධ පිරිතෙන්. සතුන්ගෙන් වන උවදුරුවලදී, සර්ප උවදුරුවලදී ඛන්ධ පිරිත ම භාවිත කරන්න. පිරිත් පැන් ඉසීම, දුම් ඇල්ලීම, නිතර සජ්ඣායනා කිරීම උවදුරු දුරු කරයි. එම පිරිතේ ම ඇති පරිදි අපා, දෙපා, සිව්පා, බහුපා සියලු සතුන්ගෙන් ආරක්ෂාවයි. සර්පයෝ, ගෝනුස්සෝ, පත්තෑයෝ, මකුළුවෝ, සිකනලෝ, මීයෝ ආදී සියලු සතුන්ගෙන් වන උවදුරු දුරු කරයි. බලන්න මේ පිරිතේ අවසානයට තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ සිහිකර තමන් ආරක්ෂා වී ඇතැයි කියයි. එනිසා සියලු භූතයෝ බැහැරට යත්වායි ආඥාවක් වෙයි.

 එතකොට තුනුරුවන් ගුණ සිහි කිරීම කොයිතරම් ආරක්ෂාවක් ද..! තිසරණ සරණ ගිය, තුනුරුවන් ගුණ සිහි කරන ශ්‍රාවකයා හට මේ ඛන්ධ පිරිත පුදුම ආරක්ෂාවක්. සියලු අමනුෂ්‍ය උවදුරු බැහැර වෙයි. තමා වටා පුදුම ආරක්ෂාවක් ඇති වෙයි. ඒ වගේ ම සත්බුදු වන්දනාව තමාට ආරක්ෂාව පිණිස සිහි කිරීම මේ පිරිතේ සඳහන් වන අයුරු අපූරුයි. සත්බුදු වන්දනාව කොයි තරම් ආනුභාව සම්පන්න ද! බාහිර සියලු උවදුරු බැහැර කිරීමට ඛන්ධ පිරිතේ බලානුභාවය පවතියි. බලවත් පිරිත් ආරක්ෂාවක්. භාග්‍යවතුන් වහන්සේ ම වදාළ දෙයක්.

භවබෝගවලට සතුන්ගෙන් හිංසා එද්දී පිරිත් පැන් ඉසීම, දුම දීම, නූල් බැඳීම කෙම් ක්‍රම යි. ඛන්ධ පිරිත තඹ පත් ඉරුවේ ලියා පිරිත් කොට සතර කොණ වැළලීම ගෙවතු ආරක්ෂාවක් වගේ ම සතුන්ගෙන් ද ආරක්ෂාවයි. පැරැණ්නෝ පිරිත් වැලි ඉඩමට ඉසිනු ලැබුවා. නාග බැල්මෙන් උවදුරු එන අයට මේ පිරිත ආරක්ෂාව සපයයි. අමනුෂ්‍ය බැල්ම බැහැර වෙයි. වෙනත් පිරිත් වගේ ම සියලු ආරක්ෂාව පිණිස ඛන්ධ පිරිත භාවිත වෙයි. අද ලංකාවේ විෂ සර්පයෝ නැති තරම්. සර්ප විෂෙන් මිය යන අයත් අඩුයි. වෙනදාටත් වඩා නිතර ඛන්ධ පිරිත හැමතැන ම ඇසීම එයට බලපාන්නට ඇති…!

ගොවිතැනේ එන සියලු බෝග උවදුරු ඛන්ධ පිරිතෙන් දුරු කරයි. පිරිත් පැන් ඉසීම හොඳ යි. වස විස නැති ගොවිතැනේ අතීත මහා ඖෂධය වුනේ ඛන්ධ පිරිතයි. ඛන්ධ පිරිතෙන් පිරිත් කළ තෙල් බෝතලයකට වෙඩි තැබුවත් වෙඩි නොවැදුනු බව ඇසින් දුටු තෙරනමක් අප හට කීවා මතකයි. ඛන්ධ පිරිත් ආරක්ෂාව ඇති කෙනාට වෙඩි සැර නොවදියි. අනෙක් උවදුරු ගැන කවර කතා ද…! බෝධීන් වහන්සේලා ගිලන් වෙද්දී, කෘමි උවදුරු එද්දී ඛන්ධ පිරිතෙන් පැන් ඉසීම, පිරිත් කළ දුම් ඇල්ලීම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයි.

ඛන්ධ පිරිතේ මාතෘකා විස්තර ගාථාවක් වෙයි.

සබ්බාසිවිස ජාතීනං – දිබ්බ මන්තාගදං විය
යං නාසේසි විසං ඝෝරං – යේසං චාපි පරිස්සයං
ආණක්ඛෙත්තම්හි සබ්බත්ථ – සබ්බදා සබ්බපාණිනං
සබ්බසෝපි විනාසේති – පරිත්තං තං භණාමහේ

මේ ගාථා විස්තරයට අනුව ඛන්ධ පිරිත සියලු විෂවලට දිව්‍ය ඖෂධයක් බඳු යැයි විස්තර වෙයි. සියලු විසත් දුක් පීඩාත් දුරු කිරීමට සැමදා මෙය සැම තැනකදී ම බලපවත්වන බුද්ධ ආඥාවක් ලෙස අතීතයේ සිට පැවතගෙන එනවා.

බල්ලන් කෑවාට, වසංගත රෝග බෝවනවාට පිරිත් පැන්, නූල්, ඖෂධ භාවිත කෙරෙනවා. බෙහෙත් විස වෙනවාට ඛන්ධ පිරිත ආරක්ෂාවයි.

කර්මයෙන් වැසී නැත්නම්, සිත ද පහන් වී ඇත්නම්, ඒ කියන්නේ නීවරණයන්ගෙන් සිත කිලිටි නොකරගෙන පිරිත් කියනවා නම්, විශ්වාසය බලවත් නම් සියලු දෙවිවරු එක්ව සියලු විෂ නැසීමට තමාට දුන් මහා දිව්‍ය ඖෂධයක් සේ ඛන්ධ පිරිත පිරිවහන්නට පිළිවනි. එනිසා උදේ සවස නිතර ඛන්ධ පිරිත කියන්න. අමනුෂ්‍යයෝ ද තමාගෙන් බැහැරට යත්. තිසරණයේ සරණ ද ලැබෙත්. ඔබ සියලු දෙනාට ඛන්ධ පිරිතේ අනන්ත ආනුභාව බලයෙන් සෙත් වේවා!

(මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි)
යලු පිරිත් මෙතනින් අහන්න...
https://www.youtube.com/playlist?list=PLgRO14O5AQH1NUUKl78H8IGL3gpmdFmG9

නොරොච්චෝලේ ඇත්ත කතාව


නොරොච්චෝලේ ඇත්ත කතාව

මෙරට බලශක්ති ඉල්ලුමට සැපයුම සඳහා මූලික ලෙස ජලය, පුනර්ජනනීය බලශක්තිය, ඉන්ධන බලය මෙන්ම ගල්අඟුරු බලයද දක්වන්නේ ඉමහත් දායකත්වයකි.
ඒ අතර වත්මනෙහි රටේ අඛණ්ඩ විදුලි සැපයුම සඳහා අවශ්‍ය ගිගා වොට් පැය 45න් පැය 19.5ක්ම සපයනු ලබන්නේ නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරය බව විදුලිබල මණ්ඩලයේ සංඛ්‍යා දත්තවලින් පෙන්නුම් කෙරේ. මේ අතර ලෝකයේ බලශක්ති දත්ත අනුවද පෙන්නුම් කෙරෙන්නේ ලොව පුරා බලශක්ති සැපයුමෙන්ද 40%ක ප්‍රමාණයක් සපයනුයේ ගල්අඟුරු බවත් ශීඝ්‍ර දියුණුවක් කරා යන බොහෝ රටවල අනාගත බලශක්ති ඉල්ලුම, සැපයීමටද වැඩි ප්‍රතිශතයක් දායක වන්නේ ගල්අඟුරු බවයි.
එවන් තත්ත්වයක් තිබියදී ඉකුත් සමයේ නොයෙක් සංවිධාන, මාධ්‍ය ඇතුළු ඇතැම් දේශපාලනඥයන්ගේ දැඩි විරෝධයක් එල්ල වූයේ රටේ සංවර්ධනයේ මර්මස්ථානයක් වන ලක්විජය විදුලි බලාගාරයටයි. ඒ බලාගාරයෙන් සිදු වන පරිසර හානිය සේම බලාගාරයේ නිතර ඇතිවන දෝෂ පිළිබඳවය.
එවැනි වටපිටාවකදී ඒ බලාගාරයෙන් රටට, ජනයාට සිදු වන්නේ කුමනාකාරයේ සේවයක්ද, බලාගාරයට එරෙහිව අවි අමෝරමින් ජන මත පතුරුවන්නන්ට එරෙහිව එහි සැබෑ තත්ත්වය පහදා දීමේ අරමුණින් මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යාංශය එක්ව සිදු කැරිණි.
ත්‍රස්තවාදී අරගලයෙන් පසු රටේ ඇති වූ ශීඝ්‍ර සංවර්ධන ක්‍රියාදාමයත් සමඟ ඉහළ ගිය විදුලි පරිභෝජනය වෙනුවෙන් ආරම්භ කළ ලක්විජය බලාගාරයෙන් මේ වන විට සමස්ත විදුලිබල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවෙන් යුත් බලාගාර තුනකින් මෙගා වොට් 900ක ප්‍රමාණයක් එක් කරනු ලබයි.
බලශක්තිය නිපදවන සෙසු ක්‍රම හා සසඳන කල ගල්අඟුරු බලාගාරයක ක්‍රියාකාරිත්වය ඉතාම සංකීර්ණ කාර්යභාරයක් බව අපිද සියැසින් දුටුවෙමු. ඔබගේ අපගේ නිවෙසට, කාර්යාලයට, මඟතොට පහන් දැල්වීමට පමණක් නොව කර්මාන්ත ශාලාවලට සැපයෙන බලශක්තිය වෙනුවෙන් එවන් සංකීර්ණ ක්‍රියාවලියක් සිදු කරන ලක්විජය බලාගාරයේ ප්‍රධානී බලස්ථාන කළමනාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතායි. ඔහු සිය බලාගාරය පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිනි.
“අක්කර 272ක භූමියක... සේවකයන් 800ක් පමණ එක්ව මේ බලාගාරයෙන් සිදු කරන්නේ සංකීර්ණ ක්‍රියාවලියක්. මෙයින් මෙගා වොට් 900ක් සැපයීම නිසා අද වන විට ජල විදුලි බලාගාරවලට සෑහෙන පහසුවක් වෙලා තියෙනවා. මේ දිනවල පවතින වියළි කාලගුණයත් එක්ක මේ බලාගාරය නොතිබුණා නම් විදුලිය අත්හිටුවීමක් සිදු වෙන්නත් තිබුණා. ඒ වගේම මෙවැනි සමයකදී ජල විදුලි බලාගාර අඛණ්ඩව ක්‍රියා කළා නම් ජලාශවල ජලය අඩු වෙලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඊළඟ කන්නයේ ගොවිතැන් කිරීමටත් එය බලපානවා. ඒ සියලු දේටම විසඳුම් ලැබිලා තියෙන්නෙ මේ බලාගාරය නිසා... ඒ වගේම වියදම පැත්තෙන් බැලුවොත් ජල විදුලියෙන් පසුව ලාභදායිම ගල්අඟුරු. සාමාන්‍යයෙන් අපි ගල්අඟුරු ටොන් එකක් ගන්නෙ රු. 20,000ක් වගේ මිලකට. මේ බලාගාර තුනම දිනක් ක්‍රියාත්මක කිරීමට වැය වන්නේ ගල්අඟුරු ටොන් 7500ක් වගේ ප්‍රමාණයක්.”
නිරීක්ෂණ චාරිකාවේදී අප දුටුවේ එහි ක්‍රියාකාරිත්වය කොතරම් සංකීර්ණද යන්නයි. බලාගාර තුනකින් සමන්විත මෙහි එක් බලාගාරයක හෝ යම් නඩත්තු කටයුත්තක් සිදු වුව හොත් එය ඍජුවම ජාතික විදුලිබල පද්ධතියට බලපාන්නේ අවම මෙගා වොට් 300ක ධාරිතාවක් නොලැබී යෑම නිසායි. එම නිසා බොහෝ දෙනෙක් නිතර චෝදනා කරන්නෙ මෙකී බලාගාර වැඩි දිනක් අක්‍රියව පවතින බවටයි. ඒ පිළිබඳව අපට අදහස් දැක්වූයේ නියෝජ්‍ය බලස්ථාන කළමනාකරු නාලක විජේකෝන් මහතායි. “මෙහෙමයි, සාමාන්‍යයෙන් ඕනෑම බලාගාරයක් කැඩෙනවා. අනෙත් බලාගාරත් මේ වගේම කැඩෙනවා. ඒත් එය ජාතික විදුලිබල පද්ධතියට එතරම් දැනෙන්නෙ නෑ. මෙයින් විශාල මෙගා වොට් ප්‍රමාණයක් එක්කරන නිසයි එය දැනෙන්නෙ. මේ බලාගාරයේ යම් බිඳ වැටීමක් වුණොත් ඊට දින දහයක් දොළහක් කල් ගත වෙනවා යථා තත්ත්වයට පත් කිරීමට. ඒ මැෂින් එකේ තිබෙන රස්නය පහව යන තෙක් අලුත්වැඩියාව කිරීමට බැහැ. මෙහි ගල්අඟුරු පිච්චෙන බොයිලේරුවක උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 500ක්. ඒ වගේම මැෂින් එක නැවත පණ ගැන්විය යුත්තේ ඩීසල්වලින්. ඒ සඳහා දින දෙකක පමණ කාලයක් යනවා. අන්න ඒ නිසයි මේක ගැන රටේ ඇතැම් දෙනා දෝෂාරෝපණයෙන් කතා කරන්නෙ. ඒත් ‍මින් සිදු වන සේවය කවුරුත් හිතන්නෙ නැහැ. මොකද අඛණ්ඩව පැය 24 පුරාම මෙවැනි විදුලිය නිපදවීමක් ඩීසල්වලින් කළා නම් මේ වන විට මොනතරම් මුදල් කන්දරාවක් වැය වෙලාද?”
විදුලිබල මණ්ඩල නිලධාරීහු බලාගාරය ආරම්භ කළ දින සිට ගල්අඟුරුවලට වැය වූ මුදල්, නිපදවූ විදුලි ධාරිතාවන් ඇතුළු සවිස්තර තොරතුරු මාධ්‍ය ඉදිරියේ පෙන්වා සිටියහ.
ඒ අනුව 2006 ඉදිකිරීම් ආරම්භ කළ මෙහි සියලු ඉදිකිරීම් 2014 වර්ෂය වන විට අවසන් කිරීමට ඇ.ඩො. මිලියන 1346ක් වැය වී ඇත. චීනයේ එක්සිම් බැංකුවේ මූල්‍ය ආධාර මත චීන සමාගමක් විසින් ඉදි කළ මෙකී බලාගාරයේ සියලු වියදම් ගල්අඟුරුවලින් තොරව ඉන්ධන මඟින් ක්‍රියාත්මක වූවා නම් වැය වන මුදල අතිමහත්ය. ඒ අනුව බලාගාරය ගල්අඟුරුවලින් ක්‍රියාත්මක කිරීම නිසා ගල්අඟුරු හා ඉන්ධන අතර වියදම් පරතරය අනුව 2016 වන විට බලාගාරය ඉදි කිරීමට වැය වූ ඇ.ඩො. මිලියන 1346ක මුදලද පියවාගැනීමට විදුලිබල මණ්ඩලයට හැකියාව ලැබී තිබේ. ලක්විජය බලාගාරය යනු අඛණ්ඩව බලශක්තිය නිපදවීමට ලොව තිබෙන අඩුම පිරිවැයක් සහිත ගල්අඟුරුවලින් මෙරට ක්‍රියාත්මක එකම බලාගාරය වේ.
මෙකී බලාගාරයට රටේ ඇතැම් පාර්ශ්වවලින් චෝදනා එල්ල වන්නේ ගල්අඟුරු නිසා සිදු වන පරිසර විනාශය සහ ගල්ගඅඟුරු බලාගාර ලෝකයෙන් තුරන්ව යන බව පවසමිනි. බලස්ථාන කළමනාකරු ඉන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් කීවේ:
“ඇත්ත, ලෝකයේ තිබෙන ඇතැම් ගල්අඟුරු බලාගාර ගලවලා දානවා. මෑතකදී ඇමෙරිකාවෙත් එහෙම එකක් ගලවලා දැම්මා. හැබැයි ඒ බලාගාරවල තාක්ෂණය පැරැණියි. ඒත් අ‍‍පේ බලාගාරය නිර්මාණය කරලා තියෙන්නෙ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන. පැරැණි බලාගාර නවීන තාක්ෂණයට නිර්මාණය කිරීමට වැය වන පිරිවැය හා සසඳද්දි ගලවලා දාන එක තමයි ලාභම විකල්පය. ලෝකයේ තෙල් අවසන් වුවත් වසර ගණනාවක් යන තෙක් ගල්අඟුරු පවතින බවටයි සොයාගෙන තියෙන්නෙ.”
එල්ල වන පරිසර දූෂණ චෝදනා ගැන පැහැදිලි කළේ බලාගාරයේ පරිසර ඉංජිනේරු චින්තක දිසානායක මහතායි.
“ගල්අඟුරු කියන්නෙ පොසිල ඉන්ධනයක්. අපි ප්‍රයෝජනයට ගන්නෙ වසර මිලියන ගණනකට පෙර ශාක මඟින් අවශෝෂණය කළ සූර්ය කිරණවල ශක්තිය. ගල්අඟුරුවලින් විදුලිය නිපදවීමේදී යම් ආකාරයක පරිසර දූෂණයක් වෙනවා. එය අවම මට්ටමක්. සාමාන්‍යයෙන් නිවෙසක දර ළිපක් ක්‍රියාත්මක වෙනවා නම් එයින්ද පරිසර දූෂණයක් සිදු වෙනවා. එම පරිසර විනාශය අවම කිරීමට ගස් 35,000ක් අවට සිටුවා තිබෙනවා. පරිසර අධිකාරිය ජනාකීර්ණ බත්තරමුල්ල ප්‍රදේශයේ සිදු කළ සමීක්ෂණයක දත්ත හා මේ බලාගාරය අවටින් අයිටීඅයි ආයතනය හා එක්ව අප ලබාගත් සියලු දත්ත සංසන්දනය කර බැලුවා. ඒ සෑම දත්තයකම බත්තරමුල්ල ප්‍රදේශයේ දත්ත හා සසඳද්දි අපේ දත්ත ඉතාම පහළ මට්ටමක තියෙන්නෙ. අපට එල්ල වුණ තවත් චෝදනාවක් තමයි අවට ප්‍රදේශවලට ගල්අඟුරු කුඩු ගසාගෙන යෑම. ඒක වුණේ වාරකන් කාලයට ගල්අඟුරු මේ ස්ථානයට ගෙන ඒමට නොහැකි නිසා. අක්කර 35ක භූමි ප්‍රදේශයක ගල්අඟුරු ගබඩා කර තිබෙනවා. සුළං එන කාලයට කැට ලෙස තියෙන ගල්අඟුරුවලින් දුහුවිල්ල වගේ ප්‍රමාණයක් අවට පැතිරෙනවා. අපි දැන් ඒ ගල්අඟුරු ගබඩා කරලා තියෙන මුළු ප්‍රදේශයම ආවරණය වන පරිදි අඩි 45ක් පමණ උස තහඩුවලින් වටේට ආවරණයක් කරලා තියෙන්නෙ. ඒ වගේම මෙහි දුහුවිලි අනුරාධපුරයටත් බලපානවා කියලා චෝදනාවක් තිබුණා. අපි ඒ පිළිබඳවත් ‍අධ්‍යයනයක් කළා. කිසිම ලෙසකින් මෙහි බලපෑමක් ඒ ප්‍රදේශවලට නැහැ.”
බලශක්තිය නිපදවීමට යොදාගත් ගල්අඟුරු පිලිස්සීමෙන් අනතුරුව ඉවතලන අළුවලින්ද බොහෝ ප්‍රයෝජන ලබාගන්නා බව එම නිලධාරීහු පැවසූහ. අප ගිය මොහොතේ අළු විශාල ප්‍රමාණයක් බලාගාර භූමියේ පසෙක ගොඩගසා තිබෙනු දක්නට ලැබිණි. නාලක විජේකෝන් මහතා ඒ පිළිබඳ පැහැදිලි කරමින්:
“පහුගිය කාලෙ අළු එකතු වුණේම නැහැ. අපේ දත්ත වාර්තාවලින් ඒ බව බලාගත හැකියි (ඒ දත්ත වාර්තා සියල්ල මාධ්‍යයට ඉදිරිපත් කෙරිණි). විදුලිය නිපදවීම උපරිම මට්ටමේ තිබූ අවස්ථාවලත් අළු එකතු වුණේ නැහැ. මේ අළු සිමෙන්ති නිෂ්පාදනයට යොදාගන්නවා. දැනට එකතු වී තිබෙන අළු ප්‍රමාණය චීන සමාගමක් විසින් ලබාගත්තා. ඒ පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ගොඩනැඟිලි ඉදිකිරීම් සඳහා ගඩොල් නිෂ්පාදනයට. ඒත් කොරෝනා ප්‍රශ්නය නිසා චීන ජාතිකයන්ට මෙරටට ඒමට නොහැකි වූ නිසයි අළු යම් ප්‍රමාණයක් එකතු වුණේ.”
විදුලිබල මණ්ඩල නිලධාරින් විමසන්නේ පරිසර ගැටලු සහ වෙනත් සාධක මත ජාතික විදුලිබල පද්ධතියට මෙ.වො. 900ක් අඛණ්ඩව ලබාදෙන රටේ සංවර්ධනයේ මර්මස්ථානයක් බඳු මේ බලාගාරය වසාදමා රට තුළ විදුලි අර්බුදයක් ඇති කරන්නේද? නැති නම් දැනට යෝජනා මට්ටමේ පවතින මෙකී බලාගාරයෙන් උපරීම ප්‍රයෝජන ලබාගැනීමට මීට තවත් මෙ.වො. 300ක ධාරිතාවක් එක් කරනවාද යන්නයි.
“මෙහෙමයි, ජල විදුලිය, ස්වාභාවික වායු, ඉන්ධන, සොලාර්, සුළං බලාගාර සියල්ලම තිබිය යුතුයි. ඒත් ඔබලා දකින්න ඇති මේ අවට තියෙන සුළං බලාගාරවල තත්ත්වය. කලාතුරකින් ක්‍රියාත්මක වන්නෙ. සොලාර් හොඳයි. නමුත් බලශක්තිය රඳවා තබා ගැනීමේ ගැටලු බරපතළයි. ඉන්ධන ඉතාම මිල අධිකයි. ජල විදුලිය අපට ගන්න පුළුවන් උපරීම අරගෙන ඉවරයි. ඒ නිසා ටොල් එකක් රුපියල් විසිදහසක වගේ මිලකට ගන්න පුළුවන් ගල්අඟුරු තමයි අඛණ්ඩ විදුලිය නිපදවීමට එකම විසඳුම.”
ඒ විදුලිබල මණ්ඩලයේ ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය පිළිබඳ ප්‍රධාන ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතාගේ අදහසයි.
එසේ නම් රටේ සංවර්ධනයට ඍජුවම උර දෙන නොරොච්චෝල ලක්විජය බලාගාරය දෙස වපරැසින් නොබලා සත්‍ය වටහාගෙන මැදහත් සිතින් බලන ලෙස අපිද සිහිපත් කරමු.

Tuesday, March 10, 2020

coronavirus updates worldwide



Europe Coronavirus Updates:
- 977 new cases and 168 new deaths in Italy*, bringing total cases to over 10,000
- 464 new cases and 5 new deaths in Spain. Government prohibits direct flights from Italy to Spain. Congress suspends parliamentary activity one week
- 372 new cases and 3 new deaths in France. "We are at the very beginning of the epidemic", announces Emmanuel Macron. All matches in the French Ligue 1 and Ligue 2 football championships will be held behind closed doors until April 15
- 341 new cases in Germany
- 172 new cases in Denmark
- 95 new cases in Sweden
- 61 new cases in the Netherlands
- 51 new cases in Austria
- 28 new cases in Belgium
- 23 new cases in the Czech Republic
- 11 new cases in Iceland
- 9 new cases in Slovenia
- 8 new cases in Romania, all in Bucharest: 3 are related to the case of Gerota, 1 is contact of the first infected in Bucharest, 4 are citizens who have traveled to Israel, Germany and the United Kingdom
- 4 new cases in Poland including the General commander of the Polish army
- 2 new cases in Luxembourg
- 1st case in Turkey
- 2 new cases in Lithuania
- 2 new cases in Bulgaria: a 66-year-old woman and a 77-year-old man in Sofia, who worked for Ilientsi, now hospitalized at the metropolitan Pirogov Hospita
- Portugal: 100,000 inhabitants placed in lockdown in Lousada and Felgueiras, an hour and a half by car from Vigo in northern Portugal
- 1 new death in the UK: an 89-year old patient at the Watford General Hospital (West Hertfordshire) with underlying health conditions
List countries with more than 20 cases.
-------------
Let's give some 
Corona virus , coronavirus, Covid-19
#coronavirus #wuhan #corona #virus

How to prevent from Coronavirus


Beat Covid -19 😥😥
Coronavirus concerns: How to boost your immune system
HAMPTON ROADS, Va. - You may be washing your hands 10 times and day and basically bathing in hand sanitizer. No doubt, Coronavirus has many here in Hampton Roads and across the nation worried of it's spread.
But how can you keep your body healthy? First tip, try not to stress says Dr. Ryan Light with Greenbrier Family Medicine.
"When you stress or are anxious your cortisol levels go up and that lowers your immune system that's how it s working in your body reducing your stress," said Light. "So reducing physical and mental stress will help reduce the risk of getting Coronavirus."
Light says another simple tip is getting enough sleep.
"Getting that eight hours of sleep a night is huge because if we are not well rested our bodies immune system doesn't work like it should," Light said,
He says another booster is getting up and moving.
"Regular exercise like cardiovascular exercise five days a week, 30 min a day has been shown to boost your system," said Light
Light says also load up up fruits, veggies and antioxidants is also key, and put down the processed food, soda and candy.
"When we eat junk we run like junk," said Light.
What about all those supplements and vitamins at the drug store, will they help prevent Coronavirus?
"Not exactly, we know that Vitamin C can help during a cold and can decrease the duration just like Zinc lozenges, but it won't prevent you from getting Coronavirus," said Light.
Light said one supplement you will want to grab is Vitamin D.
"We need about 15 minutes of sunlight a day, and if you are not getting that you want to take Vitamin D as it helps your immune system function properly," said Light.
Share with your friends
🙋‍♀️

Ruwanmali saa wandana kavi

Ruwanmali saa wandana kavi


01. මුනිඳු ගෞතම අප තිලෝගුරු - බුදුරැසින් ලොව දසත විහිදූ

සුමුදු බුදුවදනින් සදා සෙත - ලොවට සිරි සැප සතුට සෑදූ

පුබුදුවන මුනි ගුණය කැටිකොට - රුවන්මැලි මහ සෑය සෑදූ

ද්‍රෝණයක් මුනි ධාතු වඳිනෙමු - දෑත නළලේ තබා සාදූ



02. සසර භව දුක නසා ලොව්තුරු - අම නිවන් සිරි සැපත සෑදූ

විසිර තිලොවේ පැතිර පවතින - නිමල සම්බුදු වදන් පෑදූ

සොඳුරු රන්මැලි සෑයෙ වැඩහිඳ - නිතින් සුදු බුදු රැසින් විහිදූ

ද්‍රෝණයක් මුනි ධාතු වඳිනෙමු - දෑත නළලේ තබා සාදූ



03. නේක සුවඳින් යුතු කුසුම් ගෙන - සෑය බඳ වට සරසවන්ටයි

සෝක දුරුවන සෑසි මුනි ගුණ - රැුඳුණු කොඩි වැල් එහි වෙලන්ටයි

ලෝකයට ආලෝක ලැබ දුන් - මුනිඳු සෑයට එළිය දෙන්ටයි

රුවන්මැලි මහ සෑය සරසා - සාදු නාදෙන් ගිගුම් දෙන්ටයි



04. දෙව් බඹුන්ගේ වන්දනා මැද - සෑසි මුනි ගුණ ලොව දිලෙන්ටයි

සව් සතන් සිත් පහන් වී හැම - සියලූ කරදර පහව යන්ටයි

සිව් අරීසස් දහම් ගුණ රැඳි - රුවන්මැලි මහ සෑ පුදන්ටයි

පව් නසා ලෙව් සැප සදා ලන - ද්‍රෝණයක් ධාතුන් වඳින්ටයි



05. නා ලොවේ නා රජුන් නිතියෙන් - පිදුම් ලද මහ සෑ වඳින්ටයි

පෑ විකුම් ගුණ තේජසින් නිති - රුවින් බුදුරැස් විහිදුවන්ටයි

සෑය රන්මැලි තෙදින් බබලන - මල් පහන් සුවඳින් පුදන්ටයි

ද්‍රෝණයක් ධාතුන් වඳිම් මම - නිතින් බුදු සරණම ලබන්ටයි
d


06. මහ බඹුන් සිව් වරම් දෙවිඳුන් - සුමන සුරිඳුන් සෑ වඳින්ටයි

දෙව් බඹුන් පිරිවරා සක් දෙව් - මදාරා මල් කැන් පුදන්ටයි

නිල් ගුවන් තලයේ සුරන්ගෙන් - පිදෙන මල් සෑයට වැටෙන්ටයි

සාදු සාදු පින් පුරාගෙන - සිව් අපායෙන් අපි මිදෙන්ටයි



07. වළාකුළු සේ සෑය වටකොට - සුදින් බබලන සෑ වඳින්ටයි

අලාමක මුනි ගුණට නතු වී - නෙළුම් කුසුමින් සෑ පුදන්ටයි

මුළා නොවනා මඟක් පැවසූ - උතුම් සම්බුදු බණ අසන්ටයි

ගලා හැලෙනා සාදු නාදෙන් - රුවන්මැලි මහ සෑ පුදන්ටයි



08. විදා හල බුදුරැුසින් බබලන - අහස සිඹිනා සෑ වඳින්ටයි

නිදා සිටි කොවුලන් ද අවදිව - උතුම් සම්බුදු ගුණ ගයන්ටයි

මුදා හරිනා බුදු රැසින් නිති - සියලූ ලෝ ගැබ බබුලූවන්ටයි

සදාකාලෙන් සදාකාලෙට - රුවන්මැලි මහ සෑ වඳින්ටයි



09. මහාමෙව්නා උයනෙ වැඩ හිඳ - සුදෝසුදු එළියෙන් දිලෙන්ටයි

මහා මුනි ගුණ කඳින් බැබලී - හුදෙකලාවේ සුව විඳින්ටයි

කහාවණු පැහැ දිලෙන මේ මල් - සෑය වටකොට සරසවන්ටයි

වහා වැටහෙන නුවණ ලැබුමට - රුවන්මැලි මහ සෑ වඳින්ටයි



11. රන් වනින් දිලෙනා පහන් සිළු - සෑ රදුන් හට නිති පිදේවා

මන් තුටින් සුවඳින් පුදාගෙන - සෑය වට හැම සුවඳ දේවා

කන් පිනා යන උතුම් බුදු ගුණ - දනන් තුඩ තුඩ නිති ගැයේවා

පින් පුරා ගෙන ගෙවන සසරේ - නිමාවන දිනයක් පෙනේවා



සාදු! සාදු!! සාදු!!!

උතුම් තිසරණයෙන් අනන්ත ආනුභාවයෙන් ලක්දිවත් සියළු ජනයාත් ආරක්ෂා වීම පිණිස...

නමෝ බුද්ධාය !!! උතුම් තිසරණයෙන් අනන්ත ආනුභාවයෙන් ලක්දිවත් සියළු ජනයාත් ආරක්ෂා වීම පිණිස... අපගේ භාග්‍යවතුන් වහන්සේ එදා විශාලා මහනුව...